චීනය ඉදිරිපත් කළ අපේක්ෂිකාව කාන්තාවන්ට එරෙහිව වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවට පත්වෙයි
2024-06-08 15:57:51
Share with:

චීනය ඉදිරිපත් කළ අපේක්ෂිකාව කාන්තාවන්ට එරෙහිව වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සාමාජිකාවක ලෙසට තේරී පත්වේ. 

“කාන්තාවන්ට එරෙහි සියළු ආකාරයේ වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට” අත්සන් කළ රටවල 23 වැනි සමුළුව ඊයේ (7) නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්විණ. 2025-2028 වසර කාල සීමාවේ කාන්තාවන්ට එරෙහිව වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ කමිටුවේ සාමාජිකයන් තෝරා ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් සමස්ත චීන කාන්තා සම්මේලනයේ සම්බන්ධීකරණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂිකා, Mou Hong මහත්මිය එම කමිටුවේ සාමාජිකාවක ලෙස තේරී පත්වූවාය.

දෙස් විදෙස් කාන්තා හුවමාරු හා ජාත්‍යන්තර කාන්තා සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල ඇය දිගු කාලීනව කැපවී සිටී. සිවිල් ක්ෂේත්‍රයේ විදේශ කටයුතු හා පොදු රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් ද ඇය සතුය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම