ලෝක ස්වභාවික උරුම, සංස්කෘතික හා ස්වභාවික ද්විත්ව උරුම සංඛ්‍යාවෙන් චීනය ලොව පළමු ස්ථානයට
2024-06-08 17:08:31
Share with:

ලෝක ස්වභාවික උරුම, සංස්කෘතික හා ස්වභාවික ද්විත්ව උරුම  සංඛ්‍යාවෙන් චීනය ලොව පළමු ස්ථානය ගනී.

චීනයේ 8 වැනි සංස්කෘතික හා ස්වභාවික උරුම දිනය අදට(08) යෙදෙයි. වර්තමානයේ යුනේස්කෝ සංවිධානයේ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වූ චීන උරුමයන් සංඛ්‍යාව 57 ක් වන අතර එය ලෝකයේ දෙවැනි ස්ථානයේ පවතී. ඉන් 14ක් ලෝක ස්වභාවික උරුමයන්  වන අතර සංස්කෘතික හා ස්වභාවික ද්විත්ව උරුමය ගණන 4කි. එම සංඛ්‍යා දෙක වෙන් වෙන්ව ලෝකයේ පළමු ස්ථානයේ පවතී.

ස්වභාවික සුන්දරත්වය, භූ විද්‍යාව හා භූ රූපය මෙන්ම ජීව හා ජෛව පරිසර යන ප්‍රධාන ක්ෂේත්‍රවල කැපී පෙනෙන වටිනාකම් චීනයේ ඇති ලෝක ස්වභාවික උරුම තුළින් දැකිය හැකිය. ඒවා, ගෝලීය ස්වභාවික උරුම  සංවර්ධන ව්‍යායාමය හා අන්‍යෝන්‍ය ශිෂ්ටාචාර අධ්‍යයනය ප්‍රවර්ධනය කිරීමේදී වැදගත් දායකත්වයක් ලබා දී ඇත.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම