ලෝක සාමය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය ලබා දෙන දායකත්වය ජාත්‍යන්තර රතු කුරුස කමිටු සභාපතිනියගේ පැසසුමට ලක්වෙයි
2024-06-08 16:21:15
Share with:

‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළේ රාමුව යටතේ චීනය සමඟ සහයෝගිතා ශක්තිමත් කොට ලෝක සාමය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට එක්ව කටයුතු කිරීමට ජාත්‍යන්තර රතු කුරුස කමිටුව බලා‍පොරොත්තු වන බව එම කමිටුවේ සභාපතිනි Mirjana Spoljaric Egger මහත්මිය පවසයි.

ඇය මෙම අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මානුෂීය සහන මගින් ගැටුම් නරක අතට හැරීමට විරාමයක් තැබිය හැකි නමුත්, සාමය, සංවර්ධනය හා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම, මානුෂීය ව්‍යායාමයේ අවසාන අරමුණු බව Spoljaric මහත්මිය එහිදී පැවසුවාය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී තම චීන සංචාරය සිහිපත් කරමින් Spoljaric මහත්මිය කියා සිටියේ මානුෂීයත්වය චීන සම්ප්‍රදායන්හි හා සංස්කෘතියේ ස්ථීරව මුල් බැස ඇති බවයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ ගේ මානුෂීයත්වය පිළිබඳ ගැඹුරු අවබෝධය හා ඒ කෙරෙහි ඇති ඔහුගේ දැඩි අධිෂ්ඨානය පැසසුමට ලක් වන බව ද ඇය පැවසුවාය.

ජාත්‍යන්තර මානුෂීය ව්‍යායාමය සඳහා චීනය දක්වන ඉහළ දායකත්වය Spoljaric මහත්මිය බෙහෙවින් අගය කළාය. ඇය පැවසුවේ, පසුගිය දශක කිහිපය තුළ චීනය මානුෂීය ව්‍යායාමය ප්‍රවර්ධනය ‍කොට ජාත්‍යන්තර මානුෂීය නීතිය ආරක්ෂා කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රවල මෙන්ම සාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන්, චීනය ඉතා වැදගත් ගෝලීය හා කලාපීය සහභාගිවන්නෙකු බව ද ඇය පැවසුවාය.

චීනය සෑම විටම ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ වැඩකටයුතුවලට අනුබල දී ඇති අතර එම කමිටුව සමඟ අඛණ්ඩව සහයෝගීතාව පවත්වයි. චීනය සමඟ එම සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගෙන යා හැකි බවත්, ප්‍රායෝගිකව ධනාත්මක සහයෝගීතා ප්‍රතිඵල කඩිනමින් අත්පත් කර ගත හැකි බවත් තමා බලාපොරොත්තු වන බව Spoljaric මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම