ජාත්‍යන්තර හා යේමන සංවිධානවල සේවකයින් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හවුති කණ්ඩායමට චෝදනා
2024-06-08 17:02:42
Share with:

ජාත්‍යන්තර හා යේමන සංවිධානවල සේවකයින් 50කට වැඩි පිරිසක්  අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය එරට ‍හවුති කණ්ඩායමට චෝදනා කරයි.ගෙවුණු පැය 48 පුරා සානාහි දී එම අත් අඩංගුවට  ගැනීම සිදුව ඇතැයි යේමන රජයේ මානව හිමිකම් හා නීති කටයුතු පිළිබඳ අමාත්‍ය අහමඩ් ආර්මන් මහතා විසින් සනාථ කර තිබේ.අත් අඩංගුවට පත් පිරිස අතර එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ 18 දෙනෙක් ද වෙති.කාන්තාවන් සිවු‍ දෙනෙකුද හවුති පාලනයේ පවතින ආරක්ෂක හා බුද්ධි තොරතුරු ඒජන්සියේ රඳවා ඇතැයි හෙතෙම කීය.සිද්ධිය පිළිබඳව හවුති කණ්ඩායම හෝ අදාළ සංවිධාන විසින් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.



ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම