චීන අගමැති හා පාකිස්ථාන අගමැති අතර සාකච්ඡා
2024-06-08 16:38:27
Share with:

චීන අගමැති ලී ච්‍යං මහතා ඊයේ(7) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පාකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය.

පාකිස්ථානය, සිය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ප්‍රමුඛ දිශාව ‍ලෙස චීනය සැමවිටම සලකන බවත් දෙරට අතර උපායමාර්ගික සම්බන්ධකම් ශක්තිමත් කිරීමෙහි චීනය නියැලී සිටින බවත් ලී ච්‍යං මහතා එහිදී පැවසීය. චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව උත්ශ්‍රේණිගත කරමින් කර්මාන්ත, කෘෂි, අභ්‍යවකාශ, තොරතුරු තාක්ෂණ, ජෛ පරිසර සුරැකීම් යනාදී ක්ෂේත්‍රවල සහයෝගතා ගැඹුරු කිරීමට අ‍පේක්ෂා කෙරේ. පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම උදෙසා ආයෝජන හා වෙළඳ සහයෝගතාවේ පරිමාණය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ද ලී ච්‍යං අගමැතිවරයා පැවසීය.

චීනය පාකිස්ථානයේ විශ්වසනීයම හවුල්කරුවා බව එරට අගමැති Shehbaz Sharif මහතා අවධාරණය කරයි. තායිවාන, ටිබෙට්, හොංකොං, දකුණු චීන මුහුදු ඇතුළු ප්‍රශ්න තුළදී චීනයේ ස්ථාවරත්වයටත් රටේ ස්වාධිපත්‍යය හා ‍භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනය ගන්නා උත්සාහයන්ටත් පාකිස්ථානය දැඩි ලෙස සහාය වේ. චීනය සමග එක්ව එක් තීරයක් එක් මාවතක් පොදුවේ සංවර්ධනය කරමින් චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව ද පාකිස්ථාන අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම