බාහිර බලවේග දකුණු චීන මුහුදු ප්‍රශ්නයට මැදිහත්වීමට විරෝධය දක්වන බව මැලේසියානු අගමැති කියයි
2024-06-08 15:33:54
Share with:

බාහිර බලවේග දකුණු චීන මුහුදු ප්‍රශ්නයට මැදිමත්වීමට විරුද්ධ බව මැලේසියානු අගමැති Dato' Seri Anwar bin Ibrahim මහතා ප්‍රකාශ කරයි.

ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගිය 6වනදා ක්වලාලාම්පුර් අගනගරයේ පැවති 37වැනි ආසියා ශාන්තිකර වටමේස සමුළුව අතරතුර පිලිපීන නියෝජිතයෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. බාහිර බලවේගයන්ගේ මැදිහත්වීමෙන් දකුණු චීන මුහුදු කලාපයේ තත්ත්වය වඩාත් සංකීර්ණ වනු ඇති බව ද ඔහු පැවසීය. ආසියාන් සංගමය හා චීනය, දකුණු චීන මුහුදු කලාපයේ සාමය හා ස්ථාවරය පොදුවේ ආරක්ෂා කිරීමේ ක්‍රියාකලාපය ඔහු යළිත් අවධාරණය කර ඇත. ‍

මැලේසියාව වසර 2025 සිට ආසියාන් සංගමයේ වාරික සභාපතිත්වය දැරීමට නියමිතය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම