එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ වැඩිම ප්‍රකාශ අයිතිය හිමි වන්නේ ඊට සම්බන්ධ රටවල ජනතාවට බව චීනය පවසයි
2024-06-07 16:52:49
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ අගයන්නේ කෙසේ ද යන්න පිළිබඳව වැඩිම ප්‍රකාශ අයිතිය හිමි වන්නේ ඊට සම්බන්ධ රටවල ජනතාවට බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය එසේ ප්‍රකාශ කළේ අද(7) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඇමරිකා ජනාධිපතිවරයා මෑතකදී එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පළ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් චීනයේ ඇගයීම කෙසේ ද යන්න එම ප්‍රශ්නය විය.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරිපත් කර ගත වූ වසර 10 තුළ 150කට වැඩි රටවල් හා 30කට වැඩි ජගත් සංවිධාන චීනය සමග සහයෝගතා ලිපිලේඛන 200කට වැඩි සංඛ්‍යාවකට අත්සන් තබා ඇත. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ලොව පුරා විශාලතම හා පුළුල්ම සහභාගීත්වය සහිත ජාත්‍යන්තර සහයෝගතා වේදිකාවක් වී තිබේ. එම වැඩපිළිවෙළේ පොදු සංවර්ධනයට එක්වන රටවල ජනතාවට එය ප්‍රායෝගික ප්‍රතිලාභ ගෙන දෙන බැවින් ජගත් ප්‍රජාවේ ඉහල ජනප්‍රියත්වයක් ඊට හිමි වී තිබෙන බව ද මාඕ නිං මහත්මිය කියා සිටියාය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම