චීන ජනපති හා පාකිස්ථාන අගමැති අතර හමුවක්
2024-06-07 17:02:33
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(7) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී නිල සංචාරයක් සඳහා පැමිණ සිටින පාකිස්ථාන අග්‍රාමාත්‍ය Shehbaz Sharif මහතා හමු විය.

චීනය හා පාකිස්ථානය අතර යකඩ සේ ශක්තිමත් මිත්‍රත්වය ගොඩනගා ඇත්තේ සැමවිටම පවතින ‍අන්‍යෝන්‍ය අවබෝධය, උසස් විශ්වාසය හා ස්ථිර අනුබලය නිසා බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. චීනයේ කේන්ද්‍රීය වාසී හා වැඩියෙන් සලකන කරුණු පිළිබඳව දිගු කලක් පුරා චීනයට අනුබලය දැක්වූ පාකිස්ථානයට ස්තුතිය පුදකරන  බවද ඔහු කීය. එසේම ස්වාධිපත්‍යය හා ‍භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම, සිය රටේ තත්ත්වයට ගැලපෙන සංවර්ධන ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා පාකිස්ථානය ගන්නා උත්සාහයන්ට චීනයේ සහාය හිමි වනු ඇත. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා පාකිස්ථානයේ සංවර්ධන ක්‍රියාමාර්ගය අතර සම්බන්ධකම් ප්‍රවර්ධනය කිරීමෙහි චීනය නියැළී සිටියි. සැබෑ තත්ත්වයන්ට ගැලපෙන සේ කෘෂි, ඛනිජ, සමාජයීය හා ජන ජීවිත පිළිබඳ සහයෝගතා පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව උත්ශ්‍රේණිගත කර සංවර්ධනය, ජන ජීවිතය, නවෝත්පාදනය, හරිතබව හා විවෘතභාවය පිළිබඳ කොරිඩෝ පහක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.

ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේ සංකල්පය මෙන්ම, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම, වත්මන් ලෝකය මුහුණ පාන ගැටළු විසඳීමටත් සාමකාමී හා වඩාත් සුන්දර ලෝකයක් බිහි කිරීමටත් උපායමාර්ගිකව මගපෙන්වා ඇති බවත් ඒවා සඳහා පාකිස්ථානයේ පූර්ණ අනුබලය හිමිවන බවත් පාකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා එම හමුවේදී පැවසීය. චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව, තම රටේ සංවර්ධනය ශක්තිමත්ව ප්‍රවර්ධනය කළ අතර ඉන් පාකිස්ථාන ජනතාවටත් ප්‍රායෝගිකව ප්‍රතිලාභ හිමි වූ බව පැවසූ ඔහු, චීනය සමග අඛණ්ඩව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ අධිගුණාත්මකභාවයෙන් යුතුව පොදුවේ සංවර්ධනය කරනු ඇතැයි ද ප්‍රකාශ කළේය. එකම චීනය මූලධර්මය පාකිස්ථානයේ නොසැලෙන ප්‍රතිඥාවකි. එමෙන්ම තායිවාන ප්‍රදේශය, ටිබෙට් ස්වායත්තය, ෂින්ජියං ප්‍රදේශය, දකුණු චීන මුහුද පිළිබඳ චීනයේ සියළු කේන්ද්‍රීය කරුණු පිළිබඳ චීන ස්ථාවරයන්ට පාකිස්ථානය ස්ථිරව අනුබල දෙන බව ද ඔහු අවධාරණය කළේය.     

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම