චීන මාධ්‍ය සමූහයේ පර්යේෂණ ආයතනය ස්ථාපිත කෙරේ
2024-06-07 16:46:25
Share with:

චීන මාධ්‍ය සමූහයේ පර්යේෂණ ආයතනය අද(7) බෙයිජිං හිදී ස්ථාපිත කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය  සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ චීන සමාජීය විද්‍යා ඇකඩමියේ සභාපති, චීන ඉතිහාසය පිළිබඳ පර්යේෂණ ඇකඩමියේ සභාපති Gao Xiang මහතා එම ආයතනය විවෘත කිරීමේ උත්සවයට එක්වූහ.

චීන මාධ්‍ය සමූහය ලොව විශාලතම මෙන්ම මාධ්‍ය ආකෘති විශාල සංඛ්‍යාවකින් සමන්විත, අතිශය පුළුල් ආවරණ හැකියාවකින් යුතු විස්තීර්ණ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයකි. චීන මාධ්‍ය සමූහයේ වාසි ප්‍රයෝජනයට ගනිමින් එම පර්යේෂණ ආයතනය ලෝකයේ උසස් නිපුණතාවන් හා සම්පත් ඒකරාශි කරනු ඇත. එමෙන්ම එම පර්යේෂණ ආයතනය ශාස්ත්‍රීය පර්යේෂණ, ප්‍රවීණයන් බිහි කිරීම හා ප්‍රගුණනය පිළිබඳ සංයුක්ති වේදිකාවක් ලෙස කටයුතු කරයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රටේ වැදගත් කටයුතුවලදී සේවා සපයමින් චීන මාධ්‍ය සමූහයේ නව වගකීම් වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගැනීමට එම ආයතනයේ සහාය හිමි වනු ඇත. චීන මාධ්‍ය සමූහය ගෝලීය බලපෑම් ශක්තිය සහිත බුද්ධි නවෝත්පාදනයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස ගොඩනගා ගැනීම සඳහා එහි පර්යේෂණ ආයතනය ඉහළ කාර්යභාරයක් ඉටු කරනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම