චීන- කියුබානු විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්
2024-06-07 09:26:15
Share with:

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා කියුබානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ විදේශ අමාත්‍යBruno Rodriguez Parrilla මහතා සමග ඊයේ(06) බෙයිජිංහි දී සාකච්ඡා පැවැත්වීය.

චීනය සහ කියුබාව අන්‍යෝන්‍ය විශ්වාසයෙන් කටයුතු කරන සමීප මිතුරන් බවත්, පොදු දැක්මකින් යුතුව සිය අවශ්‍යතාවලදී එක්ව කටයුතු කරන රටවල් බවත් Wang Yi මහතා එහිදී පැවසීය. කියුබාව සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම සහ ජාත්‍යන්තර කටයුතුවලදී සෑම විටම චීනයේ නීත්‍යානුකූල ස්ථාවරය වෙනුවෙන් සහාය වීම චීනය අගය කරන බව හෙ‍තෙම සඳහන් කර ඇත. චීනය ද කියුබාවේ ජාතික ස්වෛරීත්වය සුරක්ෂිත කිරීමට සහාය වනු ඇත. එමෙන්ම ඇමරිකාව කියුබාවට එරෙහිව සිදු කරන අසාධාරණ සීමා කිරීම්වලට දැඩි ලෙස විරුද්ධ වන බව ද Wang Yi මහතා කියා සිටියේය.

දෙරටේ රාජ්‍ය නායකයන් දෙදෙනාගේ එකඟතාවන් ක්‍රියාවට නංවමින්, ගෝලීය සමාජවාදයේ අරමුණ ප්‍රවර්ධනය කිරීමට සහ ගෝලීය සාමය සුරක්ෂිත කිරීම උදෙසා කියුබාව සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව ද Wang Yi මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

මේ අතර Bruno Rodriguez Parrilla මහතා එහිදී කියාසිටියේ, කියුබාව එකම චීනය ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කරන බවයි. එමෙන්ම ඇමරිකාවේ අසාධාරණ මැදිහත්වීම්වලට එරෙහි වීමට සහ ආර්ථික ක්‍රියාකාරිත්වයේ පවතින තාවකාලික දුෂ්කරතා මඟහරවා ගැනීමට චීනය දක්වන ප්‍රබල සහයෝගයට කියුබාව සිය අවංක ස්තූතිය පිරිනමන බව ද හෙතෙම ප්‍රකාශ කළේය. සමාජවාදයේ අරමුණ ආරක්ෂා කර ගනිමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල ස්වාධීනත්වය වෙනුවෙන් චීනය සමග එක්ව කටයුතු කිරීමට කියුබාව අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

චීන-ලතින් ඇමරිකා සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම පොදුවේ අවධානයට යොමු කළ යුතු අනෙකුත් කරුණු පිළිබඳව ද දෙපාර්ශ්වය මෙහිදී අදහස් හුවමාරු කර ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම