කවරාකාරයෙන් හෝ තායිවාන ප්‍රදේශය සන්නද්ධ කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2024-06-07 19:42:20
Share with:

ඇමරිකා ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක සහයෝගිතා කාර්යාංශය මෑතකදී ප්‍රකාශ කළේ චීන තායිවාන ප්‍රදේශය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 300ක වටිනාකම සහිත අවි කාණ්ඩ දෙකක් අලෙවි කිරීමට අනුමැතිය ලබා දෙන බවයි.

ඒ සම්බන්ධයෙන් චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක Zhang Xiaogang මහතා පැවසුවේ තායිවාන බෙදුම්වාදීන්ට අනුබල දෙමින් ඇමරිකාව තායිවාන සමුද්‍ර සන්ධියේ උණුසුම් තත්ත්වය උග්‍ර කිරීමට උත්සාහ කළ බවයි. ක්‍රමයෙන් තායිවාන ප්‍රදේශය අනතුරුදායක තත්ත්වයට තල්ලු කරන ඇමරිකාව අවසානයේ තමාටම හානි සිදුකර ගනු ඇත. එකම චීනය ප්‍රතිපත්තිය හා චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන අනුගමනය කරමින් කඩිනමින් එම අවි අලෙවි සැලැස්ම ඉවත් කරන ලෙසත්  කවරාකාරයෙන් හෝ තායිවාන ප්‍රදේශය සන්නද්ධ කිරීම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව දැඩිව ආරක්ෂා කරන චීන මහජන විමුක්ති හමුදාව අඛණ්ඩව යුද පුහුණු හා යුද්ධය වෙනුවෙන් අවශ්‍ය සූදානම් කටයුතු ශක්තිමත් කරන බව ද Zhang Xiaogang මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම