චීන ජනපති හා බ්‍රසීල උප ජනපති අතර හමුවක්
2024-06-07 16:41:56
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(7) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී නිල සංචාරයක් සඳහා පැමිණ සිටින බ්‍රසීල උප ජනාධිපති Geraldo Alckmin මහතා හමු විය.

චීනය හා බ්‍රසීලය සමාන අභිලාෂයන් සහිත හොඳ මිතුරන්, අසීරුතා හමුවේ එකිනෙකාට සහාය වන හොඳ හවුල්කරුවන් හා අත්වැල් බැඳගෙන ඉදිරියට යන හොඳ සහෝදරයන් බව චීන ජනාධිපතිවරයා එහීදී කියා සිටියේය. මෙම වසරේ චීන බ්‍රසීල රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සැමරේ. එම දශක පහ තුළ පොදු ඉරණමක් සහිත  ප්‍රජාව ගොඩනැගීමේ ඉලක්කය කරා ගමන් කරන දෙරට, අදහස් හුවමාරු හා මිත්‍ර සහයෝගතාව පුළුල් කිරීමෙහි නියැළී සිටියි. දැවැන්ත සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙකක් හා වැදගත් නැගී එන වෙළඳපොල සහිත රටවල් දෙකක් වශයෙන්, චීන බ්‍රසීල සම්බන්ධතාවය, ද්විපාර්ශ්වික පරාසය ඉක්මවා ගොස් ඇත. එය සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සමගි සහයෝගතා සහ ලෝක සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ ආදර්ශයක් වී තිබෙන බව ෂී ජින්පිං මහතා පෙන්වා දී තිබේ.

බ්‍රසීල උප ජනාධිපති  Geraldo Alckmin මහතා සඳහන් කළේ, බ්‍රසීලයට චීනයෙන් බොහෝ දේ  ඉගෙන ගත හැකි බවයි. වසර 40ක් තුළ චීනයේ මිලියන 800ක ජනතාව දිළිඳුකමෙන් බේරා ගෙන තිබීම, ලෝක හාස්කමක් ලෙස හැඳින්විය හැකිය. තම රජය සහයෝගතාව පුළුල් කිරීම, ජනජීවිතය යහපත් කිරීම හා අඛණ්ඩ සංවර්ධනය ඉටු කිරීමෙහි නිරත වන බව ද ඔහු කියා සිටියේය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම