චීන විදේශ ඇමතිවරයා බ්‍රික්ස් රටවල විදේශ ඇමතිවරුන්ගේ සමුළුවට එක්වීමට සූදානම් වෙයි
2024-06-07 16:49:49
Share with:

බ්‍රික්ස් රටවල විදේශ ඇමතිවරුගේ සමුළුව ලබන 10 වනදා සිට 11 වනදා දක්වා රුසියාවේ Nizhny Novgorod නගරයේ දී පැවැත්වෙනු ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. එම සමුළුව අතරතුර බ්‍රික්ස් රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර විදේශ ඇමතිවරුන්ගේ සමුළුව පැවැත්වීමට නියමිත ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික විදේශ ඇමති වං යී මහතා එහිදී, සෙසු බ්‍රික්ස් රටවල විදේශ ඇමතිවරුන් හා ආරාධිත රටවල විදේශ ඇමතිවරුන් සමග බ්‍රික්ස් සහයෝගිතා, ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරු කර ගනු ඇත. එමෙන්ම බ්‍රික්ස් රාජ්‍ය නායකයන්ගේ 16 වැනි සමුළුවට සූදානම්වීමද සිදුවන බව Mao Ning මහත්මිය කීවාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම