
‘රෙන්අයි’ ගල්පරය සදාකාලීන ව අත්පත් කර ගැනීමේ පිලිපීන උත්සාහයන්ට ඉඩ නොදෙන බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව ප්‍රකාශ කළේ අද(7)බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවේදී ය. අසනීපව සිටින පිලිපීන සන්නද්ධ හමුදා සාමාජිකයෙකු ‘රෙන්අයි’ ගල්පරයෙන් ඉවත් කිරීමට චීන වෙරළාරක්ෂක බලකාය බාධා කළ බවට, පිලිපීන මුහුදු වෙරළාරක්ෂක කණ්ඩායම චීනයට එරෙහිව චෝදනා නගා ඇතැයි මාධ්‍ය වේදියෙකු සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය කුමක් දැයි ඔහු ප්‍රශ්න කළේය.
පිලිපීනය චීනයට පූර්ව දැනුම්දීමක් සිදු කළහොත් රෙන්අයි ගල්පරය ආශ්‍රිතව “නැංගුරම් දා ඇති ”යුද නෞකාවට අත්‍යවශ්‍ය ජීවන සැපයුම් ප්‍රවාහනය කිරීම හා අදාළ පුද්ගලයින් ඉන් ඉවත් කිරීම සඳහා චීනයට අවසර දිය හැකි බව ඇය විස්තර කළාය. එහෙත්‘රෙන්අයි’ගල්පරය ස්ථිර ලෙස අත්පත් කිරීමේ අරමුණෙන් යුතුව එවැනි තත්ත්වයන් ප්‍රයෝජනයට ගනිමින් අදාළ යුද නෞකාවට ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට චීනය ඉඩ නොදෙන බවද Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.