5ජී තාක්ෂණය ව්‍යාපාරික භාවිතයට යොදා ගෙවී ගිය වසර 5 තුළ චීන ආර්ථිකයේ ඍජු නිමැවුම් පරිමාව පුළුල් කෙරේ
2024-06-07 15:34:15
Share with:

5ජී තාක්ෂණය ව්‍යාපාරික භාවිතයට ගෙන ගතවූ වසර 5 තුළ චීන ආර්ථිකයේ ඍජු නිමැවුම් ප්‍රමාණය පුළුල් කෙරේ.

චීන කාර්මික හා තොරතුරුකරණ අමාත්‍යංශයේ ප්‍රධාන ඉංජිනේරු Zhao Zhiguo මහතා ඊයේ(06) පැවති 2024 ජංගම සන්නිවේදනයේ ගුණාත්මක සංවර්ධන සංසදයට එක්වූ අවස්ථාවේදී මේ බව පැවසීය. 

චීන තොරතුරු සන්නිවේදන පර්යේෂණාගාරයේ අනාවැකියකට අනුව, වසර පහ තුළ, 5ජී තාක්ෂණය ව්‍යාපාරික භාවිතයට යොදා ගැනීමෙන් ඍජු ආර්ථික නිමැවුම් වටිනාකම යුවාන් ට්‍රිලියන 5.6ක් පමණ ගෙන ඇති අතර චක්‍ර ආර්ථික නිමැවුම යුවාන් ට්‍රිලියන 14ක් වී තිබේ. මෙය ආර්ථිකයේ අධිගුණාත්මක සංවර්ධනය මැනැවින් ප්‍රවර්ධනය කර ඇත.

2019 වසරේ ජූනි 6වැනි දා සිට 5ජී තාක්ෂණ ව්‍යාපාරික බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු අන්තර්ජාල යටිතල පහසුකම්, කේන්ද්‍රීය තාක්ෂණ, ඩිජිටල් ආර්ථිකය හා සැබෑ ආර්ථිකයට සම්බන්ධ වීම මෙන්ම, එහි ආරක්ෂක පද්ධතිය ද කැපී පෙනෙන අයුරින් තහවුරු කර ඇති බව ද Zhao Zhiguo මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම