රුසියානු-චීන සබඳතා පුළුල් පොදු අවශ්‍යතා මත පදනම් වන බව රුසියානු ජනපති පවසයි
2024-06-07 10:16:01
Share with:

රුසියානු-චීන සබඳතා පුළුල් පොදු අවශ්‍යතා මත පදනම් වන බව, රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පවසයි. පසුගිය 5වැනිදා ආරම්භ වූ Saint Petersburg ජාත්‍යන්තර ආර්ථික සංසදය අතරතුර හෙතෙම මාධ්‍ය හමු වූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය. වර්තමානයේ දෙරට අතර සබඳතා ස්ථාවර ප්‍රගතියක් ලබා ඇති අතර, සහයෝගීතාවයේ සෑම අංශයකින්ම ඵලදායි ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.

ජාත්‍යන්තර වේදිකාවේ දෙරට අතර පවතින සහයෝගීතාවය ලෝක ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වැදගත් සාධකයක් බවත්, බටහිර රටවල් චීනයේ ආර්ථික සංවර්ධනය මන්දගාමී කිරීමට ප්‍රයත්න දැරීම සම්බන්ධයෙන් දැඩිව විරුද්ධ වන බවත් ඔහු ප්‍රකාශ කළේය. ඊනියා "චීනයේ විදුලි වාහන නිෂ්පාදනයන්හි අධි ධාරිතාව" පිළිබඳ බටහිර ප්‍රචාරණය, චීනයේ මෝටර් රථ අපනයන සීමා කිරීම සඳහා වෙළඳපළ නොවන මාර්ග භාවිත කිරීමේ උත්සාහයන් ද හෙළා දකින බව Vladimir Putin මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම