එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර නොවන සාමාජිකත්වය පාකිස්ථානය ඇතුළු රටවල් පහකට
2024-06-07 11:14:11
Share with:

පාකිස්ථානය, සෝමාලියාව, පැනමාව, ඩෙන්මාර්කය සහ ග්‍රීසිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සාමාජිකයන් ලෙස තේරී පත් වෙයි. එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩල සැසිවාරය ඊයේ(06) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්විණ. එහි දී එළඹුණ තීරණයට අනුව මෙම රටවල් 2025 ජනවාරි 1 වැනිදා සිට 2026 වසරේ දෙසැම්බර් 31 දක්වා සේවය කරනු ඇත.

ආරක්ෂක මණ්ඩලයේ දැනට සේවය කරන ස්ථීර නොවන සාමාජිකයන් පස් දෙනා ජපානය, මොසැම්බික්, ඉක්වදෝරය, මෝල්ටා සහ ස්විට්සර්ලන්තය වේ. එම රටවල් 2024 වසරේ දෙසැම්බර් අවසානය දක්වා සේවය කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතයි.  චීනය, ඇමරිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන ස්ථීර සාමාජිකයින් 5 ට අමතරව, ස්ථිර නොවන සාමාජිකයින් 10 දෙනෙකු ද ඇත. ස්ථීර නොවන සාමාජිකයින්ගේ ධුර කාලය වසර දෙකකි. සෑම වසරකම මැතිවරණ මගින් ආසන පහක් ආදේශ කරනු ලබන අතර ඊළඟ වසරේ නැවත තේරී පත් විය නොහැක.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම