ශ්‍රී ලංකා රජයේ දේශීය සහ බාහිර ණය පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට හෙළි කෙරේ
2024-06-07 18:40:23
Share with:

ශ්‍රී ලංකා රජයේ දේශීය සහ බාහිර ණය පිළිබඳ තොරතුරු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිකළේය.

ඒ අනුව 2023 දෙසැම්බර් 31 වනදා වනවිට දේශීය ණය රුපියල් බිලියන 17,051 වූ බවත් එය 2024 මාර්තු 31 වනදා වනවිට රුපියල් බිලියන 17,252ක් බවත් ඔහු පැවසීය.

එසේම බාහිර ණය ඩොලර් බිලියන 37ක් ලෙස දැක්වෙන බවද ඔහු කීවේය.

2022 අප්‍රේල් සිට නොගෙවූ බාහිර ණය වාරිකවල වටිනාකම වූ ඩොලර් බිලියන 5.5ක් ද ඊට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම