පාරිසරික ආරක්ෂාවේදී චීනය ලබා ගත් ජයග්‍රහණ එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගේ ඇගයුමට
2024-06-07 09:43:58
Share with:

පසුගිය 5 වැනිදාට යෙදුණු ලෝක පරිසර දිනය නිමිත්තෙන් පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීමේදී චීනය ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව එක්සත් ජාතීන්ගේ නිලධාරීන් ධනාත්මක අගැයීම් පළ කර ඇත.

චීනය සිය පොරොන්දුව ක්‍රියාකාරීව ඉටු කර ඇති අතර, පාරිසරික ආරක්ෂණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ Inger Andersen මහත්මිය චීන මාධ්‍ය සමූහයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියාය.

සූර්ය බලශක්ති සංවර්ධන ක්ෂේත්‍රයේ චීනය ප්‍රමුඛ ස්ථානයක සිටින බවත්, මහා පරිමාණ ලෙස අදාළ විසදුම් යෙදීම සම්බන්ධයෙන් චීනයෙන් ඉගෙන ගත හැකි බොහෝ පැති තිබෙන බවත් ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Ko Barrett මහත්මිය පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ "ලෝක පාරිසරික ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා ව්‍යාපෘති" ලැයිස්තුවට පළමු කණ්ඩායමෙන් පත් වූ "චීන කඳු ජල ව්‍යාපෘතිය" සහ Kubuqi කාන්තාරයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය, පාරිසරික ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ ගෝලීය ආදර්ශන බවට පත්ව ඇති බව චීනයේ එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරක Siddharth Chatterjee මහතා අදහස් දක්වමින් සඳහන් කර ඇත.


ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම