ඊනියා ‘දකුණු චීන මුහුදු ප්‍රශ්නය පිළිබඳ බේරුම් තීන්දුව’ මත පවතින කවර ස්ථාවරයක් හෝ ක්‍රියාවක් චීනය පිළි නො ගනී
2024-06-06 19:06:56
Share with:

‘දකුණු චීන මුහුදු ප්‍රශ්නය පිළිබඳ බේරුම් නඩුවේ තීන්දුව කෙරේ විමර්ශනය’ තේමා කර ගත් ජාත්‍යන්තර සාකච්ඡාවක් අද(6) ඡිංඩාඕ නගරයේ දී පැවැත්විණ. එම බේරුම් නඩුවේ නීත්‍යනුකූලභාවය, වලංගුභාවය හා ඍණාත්මක බලපෑම් පිළිබඳව දෙස් විදෙස් විද්වත්හු එහිදී අවධානය යොමු කළහ.

වසර 2013 දී පිලිපීනය විසින් ඉදිරිපත් කළ දකුණු චීන මුහුදු ප්‍රශ්නය පිළිබඳ බේරුම් නඩුව, නීතිමය මුවාවෙන් සිදු කළ දේශපාලන ප්‍රහසනයකි. එහි ඊනියා තීන්දුව, අසත්‍යය මත, එක්සත් ජාතීන්ගේ සාගර ගිවිසුම ද වැරදිව අර්ථ දක්වා එය අයුතු ලෙස භාවිත කිරීමකි. මේ පිළිබඳව එම සාකච්ඡාවේදී ජාත්‍යන්තර නීති ශාස්ත්‍රඥවරුන් ගැඹුරින් විමසා ඇත. එසේම එම නීන්දුව, දකුණු චීන මුහුදු කලාපයේ දූපත් සමස්තයක් වශයෙන් එහි චීන ස්වාධිපත්‍යය හා අයිතිවාසිකම් වැරදිව නිෂේධ කර, පිලිපීනය විසින් තෝරා ගත් දූපත් හා ගල්පර මෙන්ම එහි සාගර අයිතිය පිළිබඳව නීතිමය නිගමනය  සිදු කර ඇත. එක්සත් ජාතීන්ගේ සාගර ගිවිසුම මෙන් එම ගිවිසුමෙන් බාහිරව පවතින සම්මත ජාත්‍යන්තර රෙගුලාසීන්ට පූර්ණ ව ගරු කරමින් දුරස්ථ දූපත් හිමි මහ ගොඩබිම් රටවල ස්වාධිපත්‍යය, අයිතිවාසිකම් හා පාලන බලයටත් ගරු කළ යුතු යැයි එම සාකච්ඡාවට එක්වූ විද්වත්හු පැවසූහ.       

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම