මකර බෝට්ටු උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයෙන් විශේෂ වැඩස‍ටහනක්
2024-06-06 16:29:08
Share with:

චීන මාධ්‍ය සමූහය 2024 මකර බෝට්ටු උත්සවය නි‍මිත්තෙන් විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කරයි.

එළඹෙන 10වනදාට සැමරෙන චීන සාම්ප්‍රදායික මකර බෝට්ටු උත්සවය නිමිත්තෙන් අද(6) බෙයිජිං හිදී  එම විශේෂ වැඩසටහන එළිදැක්වීමේ උත්සවය පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය  සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා චීන ලේඛකයන්ගේ සංගමයේ නියෝජ්‍ය සභපති Li Jingze මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සමග එම අවස්ථාවට එක්විය.

මකර බෝට්ටු උත්සවයේදී සිහිපත් කෙරෙන පැරණි කාලයේ දේශප්‍රේමී ජූයුවාන් කවියාගේ උපන් ගම වන Yichang නගරය එම විශේෂ වැඩසටහනේ නිර්මාණයට සහාය වී තිබේ. නිර්මාණශීලි නැටුම් ගැයුම්, සාම්ප්‍රදායික නාට්‍ය, ජන සංගීතය, සංගීත නාට්‍ය, කෙටි චිත්‍රපට යන කලාංග ඔස්සේ එම වැඩසටහන Yichang නගරයේ සුන්දර දර්ශන හා සංස්කෘතික විශේෂතා පිළිබිඹු කෙරෙන අපූරු කලා සංදර්ශනයක් ප්‍රේක්ෂකයින් වෙත  තිළිණ කිරීමට  බලාපොරොත්තු වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම