චීනය තම ක්‍රමයට අනුව අඛණ්ඩව සාමය හා සාකච්ඡාව ප්‍රවර්ධනය කිරීමෙහි නියැළෙයි
2024-06-06 17:03:27
Share with:

චීනය තම ක්‍රමයට අනුව අඛණ්ඩව සාමය හා සාකච්ඡාව ප්‍රවර්ධනය කිරීමෙහි නියැළි සිටී.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(6) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. යුක්රේන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාගේ චීන සංචාරය හා ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත යුක්‍රේන සාම සමුළුව පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

චීනයේ හා යුක්රේනයේ විදේශ අමාත්‍යංශ අතර සාකච්ඡාව ඊයේ බෙයිජිං හිදී පැවැත්විණ. එහිදී දෙරටේ සබඳතාව හා යුක්රේන අර්බුදය යන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනිණ.

ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත සාම සමුළුව පිළිබඳව චීනය කිහිපවරක්  සිය ස්ථාවරය පැහැදිලි කර ඇත. චීනය තම ක්‍රමයට අනුව අඛණ්ඩව සාමය හා සාකච්ඡාව ප්‍රවර්ධනය කරමින් ඒ ඒ පාර්ශ්වයන් සමඟ එක්ව දේශපාලන මාර්ගය ඔස්සේ යුක්රේන අර්බුදය විසඳා ගැනීම සඳහා පසුබිම සැකසීමේ නියැළි සිටින බවද Mao Ning මහත්මිය පැවසුවාය.   

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම