ඇතැම් ස්ථානවල ගංවතුරේ බලපෑම් තවදුරටත්
2024-06-06 16:02:28
Share with:
ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතිය ද ගංවතුරේ බලපෑම ඇතැම් ස්ථානවල තවදුරටත් පවතිනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර ඇති බවය.
කැලණි ගඟේ ජලමට්ටම මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර කළු ගඟේ ජල මට්ටම ද ක්‍රමානුකූලව අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ජල ගැලීම් තත්ත්වයත් සමග විවිධ ලෙඩ රෝග පැතිර යාමේ අවදානමක් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.