චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයෙන් ලබාගත් ලොව ප්‍රථම සාම්පල පෘථිවිය වෙත ගෙන්වා ගැනීමේ සූදානම් කටයුතු ඇරඹේ
2024-06-06 17:24:46
Share with:
චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයෙන් ලබාගත් ලොව ප්‍රථම සාම්පල රැගත් චන්ග්අ 6 යානයේ බහලුම යළි පෘථිවිය වෙත පැමිණෙන කොටස හා සාර්ථකව සම්බන්ධ වෙයි.අද (6) පස්වරු 2.48ට පමණ එම සම්බන්ධවීම සාර්ථක වූ බව චීන ජාතික අභ්‍යාවකාශ පරිපාලනය නිවේදනය කරයි.චන්ද්‍ර කක්ෂය තුළදී චීනය මෙවැනි ඈඳුමක් සිදුකළ දෙවනි අවස්ථාව මෙයයි.මීට පෙර වසර 2020 දී චන්ග්අ 5 මෙහෙයුමේදී ද එම ආකාරයේ ඈඳුමක් සිදු කෙරිණ.
සාම්පල රැගත් කොටස පෘථීවය වෙත යළි පැමිණෙන සුදුසු කාලය සඳහා සූදානම්වීම් ආරම්භ වනු ඇත.සැලසුම් කර ඇති පරිදි එය චීනයේ ඇතුළු මොන්ගෝලියානු ප්‍රදේශය වෙත පැමිණීමට නියමිතව තිබේ.