ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා පවසයි
2024-06-05 15:18:27
Share with:

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යනු ඇති බැවින් මෙම පනත් කෙටුම්පතට සියළු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද වික්‍රමසිංහ මහතා කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා අනුව රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම වෙනුවෙන් සපුරාගත යුතු ආර්ථික ඉලක්ක ගණනාවක් පවතින අතර එම ඉලක්ක කඩ කිරීම යනු රටේ ආර්ථිකය විනාශ කිරීමකි. එබැවින් දේශපාලන අරමුණු වෙනුවෙන් වේදිකාවල ප්‍රකාශ සිදු නොකර පවතින රාමුව තුළ පමණක් කතා කිරීම විපක්ෂයේ වගකීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේ කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ ඊයේ (04) පැවති “උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම හා අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමිනි.


ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම