ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමඟ එක්ව ගෝලීය සහයෝගිතා තර කිරීමට චීනය සූදානම්
2024-06-05 09:19:42
Share with:

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමඟ එක්ව ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ගෝලීය ආරක්ෂක මුලපිරුම ක්‍රියාවට නැංවීමට සූදානම් බව  චීනය කියාසිටී. චීන ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Liu Jing මහතා මේ බව කියාසිටියේ, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පාලක මණ්ඩල සමුළුවට එක්වෙමිනි. එය ඉකුත් 3 වැනිදා ඔස්ට්‍රියාවේ වියානා නුවර දී පැවැත්විණ.

චීනය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට එක්වීමේ 40 වැනි සංවත්සරය අවස්ථාවක් කර ගනිමින් නව සහයෝගිතා ක්‍රියාත්මක කිරීම චීනයේ අපේක්ෂාව බව Liu Jing මහතා එහිදී පැවසීය.

සමුළුවට සමගාමීව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Mariano Grossi මහතා සමග ද ඔහු සාකච්ඡා පැවැත්වීය. ගෝලීය සංවර්ධන සහ ගෝලීය ආරක්ෂක මුලපිරුම් ඒකාබද්ධව ක්‍රියාවට නැංවීම හා ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ න්‍යෂ්ටික අපජලය බැහැර කිරීම සඳහා ජාත්‍යන්තර අධීක්ෂණ විධිවිධාන ශක්තිමත් කිරීම වැනි වැදගත් මාතෘකා රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එහිදී පුළුල් අදහස් හුවමාරු කර ඇත. චීනය සමඟ එක්ව න්‍යෂ්ටික බලශක්තිය සහ න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය සාමකාමී අයුරින් භාවිත කිරීම පිළිබඳ සහයෝගිතා පුළුල් කිරීමටත්, ද්විපාර්ශ්වික සබඳතා උසස් තලයකට රැගෙන ඒමටත් තමා බලාපොරොත්තු වන බව  Rafael Mariano Grossi මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම