නැගෙනහිර ආසියානු සහයෝගිතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම් මාලාවේ තොරතුරු ප්‍රකාශයට පත් කෙරේ
2024-06-05 19:23:26
Share with:

චීන විදේශ අමාත්‍යංශය නැගෙනහිර ආසියානු සහයෝගිතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම් මාලාවේ තොරතුරු විස්තර කරයි. 

අද (5) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශිකා Mao Ning මහත්මිය මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදාළ තොරතුරු විස්තර කළාය.ආසියාන් සංගමයේ වාරික සභාපති රට වන ලාඕසය එළඹෙන 7 වනදා සිට 8 වනදා දක්වා වියන්ටියාන් හිදී ආසියාන් සංගමය සහ චීනය, ජපානය, දකුණු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම, නැගෙනහිර ආසියානු සමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම මෙන්ම ආසියාන් සංගමයේ කලාපීය සාකච්ඡා මණ්ඩපයේ ‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම යන රැස්වීම් තුන පැවැත්වීමට නියමිතය.

චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Sun Weidong මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම අදාළ රැස්වීම්වලට එක්වනු ඇති බවද ඇය පැවසුවාය. 

ඒ අතරතුර වත්මන් තත්ත්වය යටතේ කලාපීය සහයෝගිතාවේ සංවර්ධන දිශාව, ඒ ඒ යාන්ත්‍රණවල සහයෝගිතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විවිධ පාර්ශ්වයන් සාකච්ඡා කරමින් පොදුවේ අවධානය යොමු කරන ජගත් හා ප්‍රාදේශීය ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනු ඇත. එමෙන්ම මෙම වසරේ පැවැත්වීමට නියමිත නැගෙනහිර ආසියානු සහයෝගිතා පිළිබඳ නායකයන්ගේ රැස්වීම් මාලාව හා විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා සූදානම් කටයුතු එහිදී සිදු කෙරෙනු ඇති බවද Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය. 




ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම