චීනයේ Chang'e-6 චන්ද්‍ර ගවේෂණ යානයේ මෙහෙයුම් සාර්ථකත්වයට ඉහළ ජාත්‍යන්තර පැසසුම්
2024-06-05 10:15:15
Share with:

චීනයේ Chang'e-6 චන්ද්‍ර ගවේෂණ යානයේ මෙහෙයුම්වල සාර්ථකත්වය ජාත්‍යන්තර තලයේ ඉහළ පැසසුමට ලක්වෙයි. මෙවර සිදුකෙරුණු මෙහෙයුම්, අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳ සමස්ත මානව ක්‍රියාකාරකම්වල සන්ධිස්ථානගත ඉදිරි පියවරක් සටහන් කර ඇතැයි ඔවුහු කියාසිටිති.

Chang'e-6 චන්ද්‍ර ගවේෂණ යානයේ මෙහෙයුම් අත්පත් කර ගත් දැවැන්ත ජයග්‍රහණයන්ට සුබ පැතුම් පිරිනමමින් යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Josef Aschbacher මහතා පැවසුවේ එය අතිවිශිෂ්ට කර්තව්‍යයක් බවයි. තම ආයතනයට ද මෙවර මෙහෙයුම්වලට එක්විය හැකිවීම සම්බන්ධයෙන් චීනය වෙත කෘතඥතාව පළ කරන බව ද ඔහු කියාසිටියේය.

මේ අතර, බ්‍රිතාන්‍යයේ Nature සඟරාවේ වෙබ් අඩවිය නිවේදනය කළේ ස‍ඳෙහි ඈත ප්‍රදේශයේ දෙදින ගවේෂණ මෙහෙයුම් අවසන් වී ඇති බවයි. වටිනා සාම්පල රැගත් යානය සිය මෙහෙයුම අවසන් කර නියමිත කක්ෂයට ඇතුළු වී ඇතැයි ද එහි දැක්වේ. ස‍ඳෙහි ඈත ප්‍රදේශයේ පාංශු සාම්පල එකතු කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය බව ද එම වෙබ් අඩවිය කියාසිටී.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම