සාගරය ජාත්‍යන්තර දේශපාලන අරගල බිමක් නොවිය යුතුය - චීනය
2024-06-05 14:21:35
Share with:

සාගරය ජාත්‍යන්තර දේශපාලන අරගල බිමක් නොවිය යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍ය සහකාර Miao Deyu මහතා මේ බව කියාසිටියේ, අද (5) පැවති “මහාද්වීපික තටකය සහ කලාපීය පාලන තන්ත්‍රවල තාක්ෂණික සහ නීතිමය අංශ” පිළිබඳ 7 වැනි ජාත්‍යන්තර වැඩමුළුව වීඩියෝ ආකාරයෙන් අමතමිනි.

“එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය” බලාත්මක වීමේ 30 වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇත. භූ දේශපාලනික ආත්මාර්ථකාමී අවශ්‍යතා මුල්කර ගනිමින් යම් රටක් හෝ රටවල් දෙකක් එම සම්මුතිය වැරදි ලෙස අර්ථකථනය කර, අනිසි ලෙස භාවිත කරන බව Miao Deyu මහතා එහිදී පෙන්වා දුන්නේය. එසේම, ඔවුන් ඒකපාර්ශ්වවාදය අනුගමනය කරමින් සමුද්‍රීය ආධිපත්‍යය හිමිකර ගැනීමට උත්සාහ දරන බව ද ඔහු පැවසීය. වර්තමානයේ මානව ක්‍රියාකාරකම්, සමුද්‍ර තාක්ෂණික නවෝත්පාදන සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ගෝලීය සාගර පාලනයට නව ගැටලුකාරී තත්ත්ව රැසක් උද්ගත ව පවතී. ඒවා ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කඩිනමින් විසඳා ගත යුතු බව ද Miao Deyu මහතා කියාසිටියේය.

සාමය, සන්සුන්භාවය සහ ජයග්‍රාහී සහයෝගිතාව සහිත සමුද්‍රීය පටිපාටියක් එක්ව ගොඩනැගීම සඳහා,“සම්මුති ගත” අරමුණු අනුව යමින් බහුපාර්ශ්වවාදයේ ජීවගුණය ප්‍රගුණ කිරීම උදෙසා විවිධ පාර්ශ්ව හා එක් ව කටයුතු කිරීමට චීනය සූදානම් බව Miao Deyu මහතා එහිදී  අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම