දරිද්‍රතාවය පිටුදැකීමට ප්‍රමුඛතාව දෙමින් 2030 සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවිය යුතු බව චීනය කියයි
2024-06-05 11:28:31
Share with:

දරිද්‍රතාව පිටුදැකීම, යටිතල පහසුකම් නැංවීම, සංවර්ධන මූල්‍යකරණය ඇතුළු  කරුණු වඩාත් වැදගත් ස්ථානයක තබමින් 2030 න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම වේගවත් කිරීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන ජගත් සංවිධානයේ “අනාගත සමුළුව” අවස්ථාවක් කර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Dai Bing මහතා  පවසයි. ඔහු ඊයේ (04) මේ බව පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ, ජනගහන අරමුදල සහ ව්‍යාපෘති සේවා සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ, විධායක මණ්ඩලයේ 2024 වාර්ෂික රැස්වීමට එක්වෙමිනි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට ඇතුළත් ‘චීන දේශය’ ව්‍යාපෘතියේ  ප්‍රගතිය සහතික කරමින් රටේ උසස් තත්ත්වයේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට ප්‍රශස්ත අයුරින් ආධාර සැපයීම ඉහළින් අගය කරන බව ද Dai Bing මහතා එහිදී කියාසිටියේ ය.

චීනය යෝජනා කරන ගෝලීය සංවර්ධන මුලපිරුම සහ 2030 න්‍යාය පත්‍රය අතර ඵලදායී සම්බන්ධතාවක් සහතික කිරීමට සහ  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ විධායක මණ්ඩලය සමඟ සහයෝගිතා පුළුල් කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු පැවසීය. එසේම, සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ සංවර්ධන අත්දැකීම් සහ නිසි භාවිතයන් බෙදාගැනීමට ද චීනය ක්‍රියා කර තිබෙන බව Dai Bing මහතා එහිදී සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම