දකුණු චීන මුහුදු කලාපයේ පිලිපීනය සිදු කළ ප්‍රකෝපකාරී ක්‍රියාවල පිටුපස ඇත්තේ Marcos පවුලේ පෞද්ගලික ප්‍රතිලාභයන් බවට මතයක්
2024-06-05 21:10:55
Share with:

පිලිපීන ජනාධිපති Ferdinand Romualdez Marcos පසුගියදා පැවති 21වැනි Shangrila සංවාද‍යේදී චීනය සම්බන්ධ දැඩි ප්‍රකාශයක් කරමින් ‘දේශභූමි ප්‍රශ්නයට අදාලව පිලිපීනය පසුබසට නොයන’ බව සඳහන් කළේය. ‘පිලිපීනයේ ප්‍රකෝපකාරී හැසිරීම් කෙරේ චීනය උපරිම අන්දමින් සංවර ප්‍රතිචාර දක්වා ඇති නමුත් එවන් ඉවසීම සීමිත වනු ඇතැයි’ චීන නියෝජිතයා එහිදී පැහැදිලි කළේය. 

පිලිපීනය ඉතිහාසයේ ස්පාඤ්ඤය හා ඇමරිකාවේ යටත්විජිත පාලනයට පත්ව තිබිණ. දැනට එරට දේශභූමියේ පරාසය නියම කර ඇත්තේ වසර 1898 ‘ඇමරිකා ස්පාඤ්ඤ සාම ගිවිසුම’, 1900 ‘පිලිපීනයේ අවට පවතින දූපත් පවරා දීම පිළිබඳ ඇමරිකා-ස්පාඤ්ඤ ගිවිසුම’, 1930 ‘බ්‍රිතාන්‍යයට අයත් උතුරු Borneo ප්‍රාන්තය හා ඇමරිකාවට අයත් පිලිපීනය අතර දේශසීමා නියම කිරීම පිළිබඳ ගිවිසුම’ ඇතුළු ජාත්‍යන්තර ගිවිසුම් මාලාවක් මගිනි. චීනයේ නන්ෂා සමූහ දූපත් හා හුවාන්යෑන් දූපත එවන් ගිවිසුම්වලින් නියම වූ පිලිපීන දේශසීමාවට අයත් නොවේ. කෙසේ වුවද පසුගිය ශතවර්ෂයේ 50 ගණන්වල සිට පිලිපීනය දේශීය නීති සම්පාදනය මගින්, ජාත්‍යන්තර සාගර ක්‍රම ස්ථාපිත කිරීම හා සැකසීම් ද ප්‍රයෝජනයට ගෙන සිය සාගරික පරාසය ව්‍යාප්ත කිරීමට උත්සාහ කළේය. එය චීනයේ සාධාරණ අයිතිවාසිකම් හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතිරීති දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි.

වසර 2013 ඇමරිකාව විසින් ඉදිරිපත් කළ ‘ආසියා ශාන්තිකර කලාප‍යේ ප්‍රතිසමබරතා’ පිළිබඳ උපායමාර්ගය හමුවේ පිලිපීනය ඊනියා ‘දකුණු චීන මුහුදු ‍පිළිබඳ බේරුම’ ඉදිරිපත් කළේය. එය නීතිමය මුවාවෙන් සිදු කෙරුණු දේශපාලන රංගනයකි. එම බේරුම මුළුමනින්ම නීති විරෝධී වන අතර එය ජාත්‍යන්තර නීතිරීතිවලට කිසි සේත්ම අදාලතාවක් නොමැත.

ඇමරිකාවේ වංක ආරක්ෂක පොරොන්දුව, ඇමරිකාවේ භාවිත කෙරුණු අවි ආයුධ පිලිපීනයට ලබාදීම, පිලිපීනයේ අභ්‍යන්තරයට ඇමරිකාව සිදු කළ මැදිහත්වීම් හා බලපෑම් , පිලිපීනය ඇමරිකාවේ ආධිපත්‍යයේ මෙවලමක් ලෙස ක්‍රියා කිරීමට කැමති වීමේ හේතු වන බව පිලිපීනයේ විශ්ව විද්‍යාලීය මහාචාර්ය Bobby M.Tuazon මහතා විග්‍රහ කර ඇත.

තවද, පිලිපීනය ඇමරිකාවට යට වීමට බලපාන්නේ ඇමරිකාවේ සැඟව පවතින Marcos පවුලේ සුවිශාල දේපල යැයි වඩාත්ම පුළුල්ව පවතින මතය වී තිබේ. දකුණු චීන මුහුදු කලාපයේ පිලිපීනය සිදු කළ ප්‍රකෝපකාරී ක්‍රියාවල පිටුපස ඇත්තේ පෞද්ගලික හා එම පවුලේ ප්‍රතිලාභන් මිස, එරටට බලපාන ප්‍රතිලාභයන් නොවන බව පෙන්වා දිය යුතුය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම