පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතෙහි වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරයි
2024-06-05 15:15:41
Share with:

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතෙහි වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි. හෙතෙම පාර්ලිමේන්තුවේදී ඊයේ(4) මේ බව පැවසීය.

එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරණයකින් අනුමත කළ යුතුව ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වී තිබේ.

මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට නොගැළපෙන අතර එය සම්මත කළ යුත්තේ 84 (2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර බලයෙන් පමණක් යැයි කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දෙමින් පැවසීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම