ඇමරිකාව තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා ලබා දීම නතර කළ යුතු බව චීනය පවසයි
2024-06-05 18:34:51
Share with:

තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා ලබාදීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි.

තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ බව පැවසුවාය.

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර, කවර හෝ බාහිර මැදිහත්වීම්වලට අවසර නොදෙන බව ඇය පෙන්වා දුන්නාය. චීන රජය හා ජනතාවගේ රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානය හා ශක්තිය, කවරාකාරයේ පීඩනයකින් හෝ තර්ජනයකින් වෙනස් නොවනු ඇති බව ද ඇය එහිදී අවධාරණය කළාය.

තායිවාන බෙදුම්වාදීන්ගේ සැබෑ අරමුණ අවබෝධ කර‍ ගෙන, එකම චීනය මූලධර්මය හා චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන ස්ථීර ලෙස අනුමගනය කරන ලෙසත්, තායිවාන බෙදුම්වාදීන්ට සහාය නොදීමේ පොරොන්දුවට අනුව එම ප්‍රදේශයට අවි සැපයීම හා බෙදුම්වාදීන්ට වැරදි සංඥා ලබා දීම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව Mao Ning මහත්මිය කියා සිටියාය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම