ඉන්දීය මහ මැතිවරණයේ ජය යළිත් වරක් අගමැති මෝදිට
2024-06-05 10:12:19
Share with:

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ගනී.

ඉන්දීය ආණ්ඩු පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය 18 වැනි ඉන්දීය ලෝක් සභා මහ මැතිවරණයේ සමස්ත ආසනවලින් අඩකට වැඩි සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ කොමිසම අද (5) අලුයම නිවේදනය කළේ ය. එම නිවේදනයට අනුව, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මහ මැතිවරණයෙන් දිනා ගත් ආසන 295 ක් අතරින් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ආසන 240 ක් හිමි ව තිබේ. 

මේ අතර, නරේන්ද්‍ර මෝදි මහතා මෙවර තරග වැදුණු උත්තර් ප්‍රදේශ් හි වරණාසි මැතිවරණ කොට්ඨාසයේ ජය තහවුරු කිරීමට ද සමත් වී තිබේ. 

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලැබූ ජයග්‍රහණය සමග නරේන්ද්‍ර මෝදි මහතා, ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ජවහර්ලාල් ‍නේරු මහතාගෙන් පසු අඛණ්ඩව තුන් වරක් බලයට පත් පළමු ඉන්දීය අගමැතිවරයා බවට පත් වනු ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම