දෙරටේ සම්බන්ධතාව විධිමත් හා ස්ථාවර දිශාවක් කරා ඉදිරියට ගෙන යාමට ඉන්දියාව සමග එක්ව උත්සාහ දැරීමට කැමති බව චීනය පවසයි
2024-06-05 19:37:21
Share with:

 චීන ඉන්දීය සම්බන්ධතාවය විධිමත් හා ස්ථාවර දිශාවක් කරා ඉදිරියට ගෙන යාමට ඉන්දියාව සමග එක්ව උත්සාහ දැරීමට කැමති බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

  ඇය එසේ පැවසුවේ ඉන්දියාවේ 18වැනි මහ මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳ චීනයේ ඇගයීම කෙසේ දැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

  නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය හා එම පක්ෂයෙන් සමන්විත ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මහ මැතිවරණයෙන් ජය ගෙන ඇතැයි දැන ගත් බවත් චීනය ඒ පිළිබඳව සුබ පතන බවත් ඇය පැවසුවාය. විධිමත් ස්ථාවර චීන ඉන්දීය සම්බන්ධතාවය දෙපාර්ශ්වයේ පොදු ප්‍රතිලාභයන්ට ගැලපෙනවා පමණක් නොව, සමස්ත කලාපයේ හා ලෝකයේ සාමය හා සංවර්ධනයට ද හිතකරය. දෙර‍ටේ හා දෙර‍ට ජනතාවගේ මූලික ප්‍රතිලාභවල සිට, සමස්තයට අවධානය යොමු කරමින්, අනාගතයට  සරිලන ලෙසින්, එම සම්බන්ධතාවය විධිමත් හා ස්ථාවර ලෙසින් ඉදිරියට ගෙන යාමට ඉන්දියාව සමග එක්ව උත්සාහ දැරීමට අපේක්ෂා කරන බව මාඕ නිං මහත්මිය කියා සිටියාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම