පරිසර සුරැකුම් පිළිබඳ චීන ජනපතිගේ සංකල්ප මත ගොඩනැගෙන සුන්දර චීනය
2024-06-05 16:00:47
Share with:

ජුනි මස 5 වැනිදා ලෝක පරිසර දිනයයි. “සුන්දර චීනයක්” ගොඩනැංවීම, සමාජවාදී නවීකරණ රට අංගසම්පූර්ණයෙන් ගොඩනැගීමේ ප්‍රධාන ඉලක්කයකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, රටේ ජෛව පරිසරය සුරක්ෂිත කිරීමේ කටයුතු තහවුරු කරමින් සුන්දර චීනයක් ගොඩනැගීමේ ඉලක්කය වැදගත් වර්ධනයක් දිනා ගැනීමට සමත්ව ඇත.   

2005 වසරේ Zhejiang පළාතේ චීන කොමියුනිස්ට් පක්ෂයේ පළාත් ලේකම් ධුරයේ කටයුතු කළ ෂී ජින් පිං මහතා Anji කෝරළයේ නිරීක්ෂණ කළ අවස්ථාවේදී ප්‍රථමවරට  ‘පිරිසිදු ජලය සහ සශ්‍රීක කඳු යනු මිල කළ නොහැකි සම්පත්ය’යන වැදගත් සංකල්පය ඉදිරිපත් කර ඇත. එම සංකල්පය මත චීනයේ ඒ ඒ ප්‍රදේශ, පරිසරය යහපත් කිරීම තුළින් ආර්ථීක වටිනාකම් සොයා ගැනීමට කටයුතු කර ඇත. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු පරිසර දූෂණයට එරෙහි දැඩි සටනක් දියත් කළ චීනය වායු, ජල හා පාංශු දූෂණය වැළැක්වීම හා පාලනය කිරීමේ මෙහෙයුම් තුනක් ක්‍රියාත්මක කර ඇත.

2020 වසරේ සැප්තැම්බර් මස චීනය කාබන් සම්බන්ධ ඉලක්ක දෙකක් පැහැදිලිව ප්‍රකාශ කළේය. එනම්, කාබන්ඩයෝක්සයිඩ් විමෝචනය 2030 වසරට පෙර උපරිම මට්ටමට ළඟා වීම හා 2060 වසරට පෙර කාබන් උදාසීනත්වය ඉටු කිරීමය. චීනයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ අභ්‍යන්තර අවශ්‍යතා වන එය චීනය ජගත් ප්‍රජාවට ලබා දුන් වැදගත් ප්‍රතිඥාවක් බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. 

වර්තමානයේ “සුන්දර චීනය” ගොඩනැගීමේ සවිස්තර  ඉලක්කයන් නියම කර ඇත. ඒ අනුව 2035 වසර වනවිට හරිත නිෂ්පාදන හා ජීවන රටාව රට පුරා පුළුල් ලෙස බිහි කෙරෙනු ඇත. උපරිම කාබන් විමෝචනයෙන් පසු එම විමෝචනය අනුක්‍රමයෙන් අඩු වෙමින් පරිසරය මූලික වශයෙන් යහපත් වනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම