ආදීවාසී ජනතාවට පවතින ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා නව පනතක්
2024-06-05 15:23:14
Share with:

මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා නව පනතක් සකස් කිරීමට ක්‍රියා කෙරේ. ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමට ඒ යටතේ පියවර ගෙන ඇත.

එම රෙගුලාසි පද්ධතිය පිළිබදව අදාළ පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ( 04) පස්වරුවේ පැවැත්විණ.

ආදිවාසී ජනතාවට පවතින ගැටළු විසඳීම සඳහා සකස් කළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, පනත සඳහා ඇතුළත් කිරීමට නොහැකි කරුණු රෙගුලාසි යටතේ නීතිගත කිරීමට පියවර ගෙන තිබේ.

වනාන්තරවල ඇති ඖෂධ වර්ග ආදිවාසී ජනතාව විසින් නෙලා ගැනීමේදී එම ඖෂධ ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු ආකාරය පිළිබදව වනජීවි දෙපාර්තමේන්තුව විසින් රෙගුලාසි පද්ධතියක් සකස් කරමින් පවතින අතර, ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම