තම රට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමග විධිමත් සහයෝගිතා පවත්වන බව ඉරානය කියයි
2024-06-05 10:33:35
Share with:

සෑම 6 මසකට වරක්, තම න්‍යෂ්ටික කටයුතු පිළිබඳ වාර්තාවක් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මගින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඉරානය පවසයි. එරට පරමාණුක බලශක්ති ඒජන්සියේ සභාපති Mohammad Eslami මහතා ඊයේ (4) මේ බව කියාසිටියේය.  ඒ, බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ජර්මනිය ඉකුත් 3 වනදා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ විධායක සභාව වෙත කෙටුම්පතක් ඉදිරිපත් කරමින්, ඉරානය එම ආයතනය සමග ප්‍රමාණවත් සහයෝගිතා නොපවත්වන බවට කළ චෝදනාවට ප්‍රතිචාර වශයෙනි.

ඉරාන විස්තීර්ණ ආරක්ෂක ගිවිසුම හා ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ විස්තීර්ණ ගිවිසුම පිළිබඳ කරුණු අදාළ වාර්තාවට ඇතුළත් කෙරේ. තම රටේ න්‍යෂ්ටික කටයුතු සියල්ල, ඉරාන විස්තීර්ණ ආරක්ෂක ගිවිසුමට අනුකූලව ක්‍රියාවට නංවන බව Mohammad Eslami මහතා පැවසීය. එහෙත්, ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ විස්තීර්ණ ගිවිසුම පිළිබඳ තත්ත්වය මීට වඩා වෙනස් බව ඔහු පෙන්වා දුන්නේය. 2018 වසරේ ඒකපාර්ශ්විකව එම ගිවිසුමෙන් ඉවත් වූ ඇමරිකාව, ඉරානය වෙත යළි සම්බාධක පැනවීම ආරම්භ කළේය. ඇමරිකාව සිය පොරොන්දු අනුගමනය නොකරන්නේ නම් ඉරානයට ද තම පොරොන්දුවල ස්වභාවය වෙනස් කිරීමට අයිතිය ඇත. ඒ අනුව, මේ වනවිට තම රට පාර්ලිමේන්තුව සම්මත කර ඇති "ප්‍රති-සම්බාධක උපායමාර්ගික නීතියට" අනුව ඉරානය ද තම ගිවිසුම්වලින් බැහැර වෙමින් සිටින බව Mohammad Eslami මහතා පැවසීය.

එසේම, බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ජර්මනිය ඉදිරිපත් කර ඇති, ඉරානයට එරෙහි කෙටුම්පත සම්මත වුවහොත් දැඩි ප්‍රතිචාර දැක්වීමට සිදුවනු ඇතැයි ද හෙතෙම අනතුරු අඟවා ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම