චීන සමෘද්ධියේ පදනම එරට සංස්කෘතික හර පද්ධතිය මත ගොඩනැඟී ඇත
2024-06-04 09:25:56
Share with:

වසර 5000කට වඩා පැරණි චීන ඉතිහාසයෙන් ගොඩනැඟී ඇති සංස්කෘතික හර පද්ධතීන්, චීන ලක්ෂණ සහිත, විවෘත සහ නවීන පාලන සම්ප්‍රදායක් පවත්වා ගැනීම චීන සමෘද්ධියේ ප්‍රධානම පදනම බව කථිකාචාර්ය නිශා සුවිමාලි රත්නායක මහත්මිය පැවසුවාය. එය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා ගැඹුරු දායකත්වයක් සපයයි. චීන ජනපති ෂී ජින් පිං මහතා වරක් ප්‍රකාශ කළේ සාම්ප්‍රදායික සංස්කෘතිය ජාතියේ නිධානය හා ප්‍රාණය බවයි. මානව සමාජය නවීකරණයට ප්‍රවේශ විය යුතු මඟ පෙන්වා දීමේ දී චීන ජනාධිපතිවරයා ප්‍රථම වරට ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ඉදිරිපත් කළේ ය. විවිධ ශිෂ්ටාචාරයන්ගේ විවිධත්වයට ගරු කරමින් ජාත්‍යන්තර වශයෙන් සංස්කෘතික හුවමාරු ශක්තිමත් කරන ලෙස හෙතෙම එම මුලපිරුම මගින් ලෝකවාසීන්ට ඇරයුම් කර තිබේ .

විවිධත්වයට ගරු කිරීමේ ආදර්ශය චීනය සිය භූමිය තුළින් ම ලෝකයට පෙන්වා දී ඇති බව කථිකාචාර්ය නිශා රත්නායක මහත්මිය සඳහන් කළාය. බහු වාර්ගික රටක් වන චීනය සමානාත්මතාවයට හා අනන්‍යතාවට මෙන්ම එකිනෙකාගේ සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් පොදු සංවර්ධනය ළඟා කරගෙන ඇත. එය චීනයෙන් ඔබ්බට ගොස් ලොව රටවල් සමග ද්වීපාර්ශ්වීය ආර්ථික සහ වෙළඳ සබඳතා ගොඩනඟා ගනිමින්, එම රටවල සංස්කෘතික හරපද්ධතීන් ට අනුගතව සංවර්ධන මාවත ගොඩනංවා තිබේ. එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ඔස්සේ විවිධ රටවල සංවර්ධන ගමන් මගට ශක්තියක් වෙමින් බහු පාර්ශ්වීය වෙළඳපොලක් සඳහා ඉඩ හසර ලබා දීමෙන් අන්‍යෝන්‍ය ජයග්‍රහණ අත් කර ගැනීමට චීනය මූලිකත්වය ගෙන ඇත.

සංවර්ධනය යනු ආර්ථික ජයග්‍රහණ පමණක් නොව මානව දියුණුව, උරුම සහ අස්පර්ශ්‍ය වටිනාකම්, සාහිත්‍ය මෙන්ම කලාව ඇතුළු සාම්ප්‍රදායික සංස්කෘතික හර පද්ධතීන් රැක ගැනීම බව චීනය පසක් කර තිබේ. එම නිසා රටක් සංවර්ධනය වීමේදී දළ දේශීය නිෂ්පාදිතයට පමණක් සීමා නොවී සදාචාරාත්මක අයිතීන්ට ගරු කරමින් සංස්කෘතික හර පද්ධතීන් සමග ගොඩනැඟීම වැදගත් බව කථිකාචාර්ය නිශා සුවිමාලි රත්නායක මහත්මිය පැවසුවාය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම