දකුණු ඊශ්‍රායල වරාය නගරයට මිසයිල ප්‍රහාර එල්ල කළ බව යේමනයේ හූති කණ්ඩායමෙන් ප්‍රකාශයක්
2024-06-04 10:23:34
Share with:

දකුණු ඊශ්‍රායල වරාය නගරයක් වන Eilat වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හවුති කණ්ඩායම ඊයේ(3) ප්‍රකාශ කර ඇතැයි එම කණ්ඩා‍ය‍මේ හමුදා ප්‍රකාශක Yahya Sarea නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.හවුති හමුදා "පලස්තීනය" නමින් නව ස්වයං-නිෂ්පාදිත මිසයිලයක් යොදා ගනිමින් Eilat හි හමුදා ස්ථානයක් ඉලක්ක කර ගත් අතර එම මෙහෙයුම සාර්ථකව සපුරා ගත් බව හෙතෙම ප්‍රකාශ කර ඇත.ඊශ්‍රායලය විසින් පලස්තීන ප්‍රදේශයට එල්ල කරන ප්‍රහාර නවත්වන තුරු පලස්තීන ජනතාවට සහය දැක්වීම සඳහා අඛණ්ඩ හමුදා මෙහෙයුම් සිදු කරන බවට ඔහු ප්‍රතිඥා දී තිබේ.සඳුදා ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ Eilat හි ඊශ්‍රායල හමුදා රතු මුහුද දෙසින් පැමිණි බැලස්ටික් මිසයිලයක් වැළැක් වූ බවයි.

උතුරු යේමනයේ වැඩි කොටසක් පාලනය කරන හවුති කැරලිකාර කණ්ඩායම පසුගිය නොවැම්බරයේදී දකුණු ඊශ්‍රායලය ඉලක්ක කර බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා දියත් කර තිබේ. ගාසා තීරයේ පලස්තීනුවන් සමඟ සහයෝගීතාවය පෙන්වීම සඳහා ඊශ්‍රායලයට සම්බන්ධ නැව් රතු මුහුද හරහා ගමන් කරන බව ඔවුන් කියා සිටී. හවුති ප්‍රහාරවලින් නැව් කිහිපයකට හානි සිදුව ඇති බව ද වාර්තා වේ.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම