අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරිපත්වූ යෝජනාවට කැබිනට් අනුමැතිය
2024-06-04 18:06:08
Share with:

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමෙන් සහ ත්‍රිවිධ හමුදා සහාය ඇතිව යළි ඉදිකර දීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඊයේ (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

චක්‍රලේඛ මත පදනම්ව නොසිට විපතට පත් ජනතාව සඳහා කඩිනමින් සහන සැලසීමට සහ විපතට පත් ජනතාවට ලබාදෙන ආධාර මුදල් වැඩි කිරීමට ද මෙහිදී යෝජනා වී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම