චීන -කියුබා සබඳතාව ආදර්ශවත් සබඳතාවක් බව චීනය පවසයි
2024-06-04 17:13:03
Share with:

චීන -කියුබා සබඳතාව සමාජවාදී රටවල් අතර සමගිය හා සහයෝගිතා පැවැත්වීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර අවංක හා අන්‍යෝන්‍ය ලෙස සහාය වීමේ ආදර්ශයක් බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(04) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.කියුබා ජනාධිපතිවරයාගේ විශේෂ දූත, කියුබා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය Bruno Rodríguez Parrilla මහතා චීනයේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටී.මේ සම්බන්ධයෙන් චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය අදාළ තොරතුරු විස්තර කළාය. 

එම සංචාරය චීනය ඉතා වැදගත් කොට සලකන බව ඇය ප්‍රකාශ කළාය. චීන නායකයන් ,ඒ ඒ අංශවල නිලධාරීන් Bruno Rodríguez Parrilla මහතා සමඟ හමුවීම් පවත්වා චීන-කියුබා සබඳතාව හා පොදු අවධානයට ලක්වන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනු ඇත.

මෑත වසර කිහිපය තුළ, දෙරටේ නායකයන්ගේ උපාය මාර්ගික උපදෙස් මත චීන -කියුබා සබඳතාව ඉහළ මට්ටමක පවතී. මෙවර සංචාරය හරහා කියුබාව සමඟ උපාය මාර්ගික අදහස් හුවමාරු තහවුරු කරමින් දෙරටේ නායකයන් එළඹ ඇති එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. විශේෂ මිත්‍ර සබඳතාව ශක්තිමත් කරමින් පොදු ඉරණමක් සහිත චීන-කියුබා ජ්‍රජාව එක්ව ගොඩනැගීම චීනයේ අපේක්ෂාවන් බවද Mao Ning මහත්මිය පැවසුවාය.‍


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම