පලස්තීන රාජ්‍යය පිළිගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්
2024-06-04 11:10:29
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් 20කට අධික පිරිසක් ඊයේ(03) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පලස්තීන රාජ්‍යය පිළිගන්නා ලෙස සියලු රටවලින් ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 140 කට වැඩි ප්‍රමාණයක් පලස්තීන රාජ්‍යය පිළිගෙන ඇති අතර, සියලුම රටවල් මෙම ප්‍රවේශය අනුගමනය කළ යුතු බවයි. පලස්තීන රාජ්‍යය පිළිගැනීම පලස්තීනයේ සහ සමස්ත මැද පෙරදිග තිරසර සාමය සඳහා පූර්ව අවශ්‍යතාවයක් බව මෙම විශේෂඥයින් අවධාරණය කර ඇත. ඔවුන් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ගාසා තීරයේ යුද මෙහෙයුම් වහාම නතර කරන ලෙසත් දකුණු ගාසා තීරයේ රෆා නගරයේ සිදු කරන හමුදා ආක්‍රමණ අවසන් කරන ලෙසත් ය.

මෙම වසරේ මැයි 10 වැනි දින පැවැත් වූ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 10 වැනි විශේෂ සැසිවාරයේ දී ද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දක්වා ඇති පරිදි පලස්තීනය එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක සුදුසුකම් සපුරාලන බව තීරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම