මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ අද්විතීය ජයග්‍රහණයක් සනිටුහන් කළ චීනය
2024-06-04 10:27:02
Share with:

චීනයේ Chang'e-6 අභ්‍යවකාශ ගවේෂණ යානය අද(04) උදෑසන ස‍ඳෙහි ඈත ප්‍රදේශයේ සිට එකතු කළ සාම්පල රැගෙන සඳ මතුපිටින් ඉහළට පැමිණ ඇත. මෙය මානව චන්ද්‍ර ගවේෂණඉතිහාසයේ පෙර නොවූ විරූ අද්විතීය ජයග්‍රහණයක් සනිටුහන් කළ මොහාතකි. සාම්පල එකතු කිරීම අවසන් වූ පසු, චීන ජාතික ධජයක් ප්‍රථම වරට සඳෙහි ඈත ප්‍රදේශයේ සවි කිරීම ද විශේෂත්වයකි. 

අදාළ යානය සිය මෙහෙයුම සාර්ථකව අවසන් කර පෙර සැකසූ කක්ෂයකට ඇතුළු වූ බව චීනජාතික අභ්‍යවකාශ පරිපාලනය(CNSA) තහවුරු කළේය. එමෙන්ම එය සඳෙහි ඈත පැත්තේ ඉහළ උෂ්ණත්ව පරීක්ෂණයට ද සාර්ථකව ඔරොත්තු දී ඇත. ගගනගාමීන් කාර්යක්ෂමව සිය නියැදීමේ කාර්යය අවසන් කර, සැලසුම් කළ පරිදි අදාළ සාම්පල නියමිත පරිදි ගබඩා කර ඇති බව ද වාර්තා වේ. මෙහිදී නියැදීමේ කාර්යය‍ට ක්‍රම දෙකක් අනුගමනය කර ඇත. එනම් විදුම් යන්ත්‍රයක් මගින් ස‍ඳ මතුපිට සාම්පල එකතු කිරීම සහ රොබෝ අතකින් මතුපිට සාම්පල එකතු කිරීමයි.ගොඩබෑමේ කැමරාව, පරිදර්ශක කැමරාව, චන්ද්‍ර පාංශු ව්‍යුහ පරීක්ෂක උපකරණය සහ චන්ද්‍ර ඛනිජ වර්ණාවලි විශ්ලේෂකය ඇතුළු ගොඩබෑමේ දී සවි කර ඇති බහුවිධ උපකරණ සියල්ල හොඳින් ක්‍රියාත්මක වී ඇති අතර, සැලසුම් කළ පරිදි විද්‍යාත්මක ගවේෂණය සිදු කර තිබේ. 

මෙම මෙහෙයුමට Chang'e-5 සහ Queqiao-2 යන ගවේෂණ යානා ද සහාය වී ඇත. චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයේ දී ඇති විය හැකි අභියෝගවලට මුහුණ දීමට හැකි පරිදි ප්‍රධාන ගවේෂණ කටයුතු සිදු කළ Chang'e-6 යානයේ පාලන පද්ධතිය වැඩිදියුණු කර ඇති බව චීන අභ්‍යවකාශ විද්‍යාව සහ තාක්ෂණ මණ්ඩලයේ අභ්‍යවකාශ විශේෂඥයෙකු වන Qiao Dezhi මහතා පැවසීය. මෙය මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ සිදු කළ සාර්ථකම අභ්‍යවකාශ ගවේෂණයක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම