ජූනි 5වනදා ලෝක පරිසර දිනයයි. ‘සොබාදහම හා මානවයා අතර එකමුතුව’ ‘ස්වභාවික ධර්මයට අනුගත වීම’ ‘සියළු ජීවින් එක්ව වැඩීම’ පිළිබඳ පරිසරය, සම්පත හා ස්වභාවය කෙරේ පුළුල් හැඟීමෙන්, මානවයා හා ස්වභාවය අතර යහපැවැත්ම පිළිබඳ චීන ජෛව ආකල්පයක් හැඩ ගැසී තිබේ. ජෛව පරිසරය සමෘද්ධිමත් ව පවතිද්දී, ශිෂ්ටාචාරාත්මක සමෘද්ධිය ද බිහි වන බව ඉතිහාසයේ සිටම චීන ජාතිකයින්ගේ විශ්වාසයයි. චීන ශිෂ්ටාචාරය වසර පන් දහසක් පුරා පිරිහීමකට ලක්නොවූ අතර, නොබිඳුණු එකම ශිෂ්ටාචාරය බවට පත්ව ඇත්තේ එවන් ‘ජෛව බුද්ධිය’ හේතුවෙනි.
චීන උත්තරීතර නායක ෂී ජින්පිං මහතා එම ස්වභාවගරුක, ස්වභාවයට අනුගත වන දර්ශනය හා බුද්ධිය, රටේ යථාර්ථය හා එකට එක්කර ඔහුට අනන්‍ය ජෛව ශිෂ්ටාචාර චින්තනයක් නිර්මාණය කර ඇත. ‘මානවයා හා සොබාදහම අතර පවතින්නේ සහභාවයයි . ස්වභාවයට සිදු කළ හානි අවසානයේ මානවයාට හානි ගෙන දෙනු ඇති බව එහි කෙන්ද්‍රීය අර්ථයයි.
සම්පත් අයුතු ලෙස ගවේෂණය කිරීම, පරිසරය විනාශ කිරීම, මිහිකත ජෛව අර්බුදය ඇතිවීම ඇතුළු, කාර්මිකකරණය මුළින්ම ඉටු කළ බටහිර රටවල‍් ඉගෙන ගත් දැඩි පාඩම් අධ්‍යයනය කළ හෙතෙම, ‘හරිත සංවර්ධනය’ යන සංකල්පය ඉදිරිපත් කළේය.
ෂී ජින්පිං මහතා ‘හරිත සංවර්ධනය’ යන යෙදුම අර්ථදක්වන්නේ මෙසේය: ‘ආර්ථික සංවර්ධනය ඇගයෙන්‍නේ දළදේශීය නිෂ්පාදිත වටිනාකමේ වර්ධනයෙන් පමණක් නොවිය යුතු අතර, ආර්ථිකය හා ජෛව පරිසර සුරැකීම අතර සම්බන්ධතාවය පාලනය කිරීම පිළිබඳවද විමසිය යුතු ය. එසේම, ජෛව පරිසරය ආරක්ෂා කිරීම, නිෂ්පාදන ධාරිතාව ආරක්ෂා කිරීම සේම වැදගත් වන අතර, ජෛව පරිසරය යහපත් කිරීම, නිෂ්පාදන ධාරිතාව සංවර්ධනය කිරීමක් සේ සැලකිය යුතුය. ‘කෙටි කාලීන ආර්ථික දියුණුව සඳහා පාරිසරික බිළිදීමකට කිසිදු ඉඩක් නොදෙන ’ බව ද ඔහු සඳහන් කර ඇත.