ගාසා තීරයේ අඛණ්ඩ සටන් විරාමයක් අරඹන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් පහකින් ඉල්ලීමක්
2024-06-04 14:08:26
Share with:

ගාසා තීරයේ අඛණ්ඩ සටන් විරාමයක් ආරම්භ කරන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් පහක විදේශ අමාත්‍යවරු ඉල්ලා සිටිති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කටාර්, ජෝර්දානය සහ ඊජිප්තුව යන රටවල විදේශ අමාත්‍යවරුන් ගාසා තීරය සම්බන්ධයෙන් සිදු කළ විශේෂ රැස්වීමක දී මේ බව ප්‍රකාශ කර ඇත.

ගාසා තීරයේ අඛණ්ඩ සටන් විරාමයක් සහ රඳවා සිටින පුද්ගලයන් නිදහස් කිරීමේ ගිවිසුම පිළිබඳ සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී සාකච්ඡා කර ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය. ගාසා තීරයේ ජනතාව මුහුණ දෙන පීඩාකාරී තත්ත්වය අවසන් කිරීම සඳහා අඛණ්ඩ සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු යැයි අමාත්‍යවරුන් අවධාරණය කළ බව එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බව ද ඔවුහු පැවසූහ. ගාසා තීරයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පුළුල් සැලැස්මක් සහිත විධිමත් රාමුවක් යටතේ ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අදාළ යෝජනාවලට අනුකූලව "ද්වි-රාජ්‍ය විසඳුම" ක්‍රියාත්මක කළ යුතු බව ද විදේශ අමාත්‍යවරුන් එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම