චීනයේ අන්තර්-‍දේශසීමා ඊ - වාණිජ කටයුතුවල ශීඝ්‍ර වර්ධනයක්
2024-06-04 14:58:33
Share with:

චීනයේ අන්තර්-‍දේශසීමා ඊ - වාණිජ කටයුතු ශීඝ්‍රයෙන් වර්ධනය වේ.ගෙවුණු වසර 5 තුළ චීනයේ අන්තර්-‍දේශසීමා ඊ - වාණිජ පරිමාණය පෙර කාලයට සාපේක්ෂව 10 ගුණයකට වඩා වර්ධනය වී ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. මේ වසරේ පළමු කාර්තුවේ චීනයේ ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් බිලියන 577.6 කි. එය 9.6%ක වර්ධනයක් වීම ද කැපී‍ පෙනේ. 

 අන්තර්-දේශසීමා ඊ - වාණිජ ආයතන එක් ලක්ෂ 20 දහසකට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට චීනයේ ස්ථාපිත කර ඇත. එමෙන් ම චීනය විදෙස් රටවල ඉදි කළ භාණ්ඩ ගබඩා සංඛ්‍යාව ද 2500 ඉක්මවා ගොස් ඇති අතර, එහි සමස්ත වපසරිය වර්ග මීටර කෝටි 3කට අධික බව චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කරයි.

අන්තර්-‍දේශසීමා ඊ - වාණිජ කටයුතු චීනයේ විදේශ වෙ‍ළඳාමේ වර්ධනයට විශාල රුකුලක් වී තිබේ. එසේම, ඊ - වාණිජ  අපනයන හා විදෙස් රටවල ගබඩා ඉදිකිරීම වඩාත් ශක්තිමත් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් ද චීන වාණිජ අමාත්‍යාංශය කඩිනමින් සකස් කරමින් සිටී.නියමු කලාප 165 ක් පදනම් කරගනිමින් රටේ අන්තර්-‍දේශසීමා ඊ - වාණිජ එම ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන බව ද චීන වාණිජ අමාත්‍යාංශය කියාසිටී.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම