වසරේ මුල් මාස පහ තුළ චීන-ලාඕස දුම්රිය භාවිත කළ පිරිස ලක්ෂ 87 ඉක්මවයි
2024-06-04 10:23:44
Share with:

චීන-ලාඕස මගී දුම්රිය මෙම වසරේ පළමු මාස 5 තුළ ගමන්වාර 10,642 ක් සම්පූර්ණ කරයි. ගමන් ගත් මගීන් සංඛ්‍යාව ලක්ෂ 87 ඉක්මවා ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 17.5% ක වර්ධනයකි.
චීන ජාතික දුම්රිය සමූහයට අයත් Kunming දුම්රිය සේවය මේ බව නිවේදනය කළේය. මෙම කාලය තුළ, චීන-ලාඕස දුම්රිය දෛනිකව මගීන් 57,000 ක් ප්‍රවාහනය කර ඇති අතර, නව වාර්තා රැසකට ද හිමිකම් කියයි.
චීන-ලාඕස මගී දුම්රිය සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකයට ගැලපෙන, සුවපහසු සේවාවක් වන බැවින් සංචාරක, අධ්‍යයන, ව්‍යාපාර සහ සංස්කෘතික හුවමාරු සඳහා ප්‍රියතම ප්‍රවාහන මාධ්‍යය බවට පත්ව ඇත. එමගින් ප්‍රාදේශීය සංවර්ධනයට ද ප්‍රබල උත්තේජනයක් සැපයේ.