චීන ජනපති මෙක්සිකෝ ජනපති ධූරයට පත් Claudia Sheinbaum Pardo මහත්මිය වෙත සුබ පැතුම් පිරිනමයි
2024-06-04 19:33:30
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මෙක්සිකෝ ජනාධිපති ධූරයට අලුතෙන් තේරී පත්වන Claudia Sheinbaum Pardo මහත්මියට සුබ පැතුම් එක් කරයි. 

   මෙක්සිකෝව ලතින් ඇමරිකාවේ දැවැන්ත රටක් මෙන්ම වැදගත් නැගී එන වෙළඳපොල සහිත රටක් වන බව ෂී ජින්පිං මහතා අද(4) යොමු කළ එම සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. චීනය හා මෙක්සිකෝව අතර ඇත්තේ අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයකි. දැනට දෙරට සම්බන්ධතාවය මනා වර්ධන තත්ත්වයක පසු වන අතර එහි උපායමාර්ගික වැදගත්කම, අනුපූරකත්වය හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභී ගතිය අඛණ්ඩව ඉස්මතු වී තිබේ. චීන මෙක්සිකෝ සම්බන්ධතාවය, අතීතය උරුම කර ‍ගනිමින් යහපත් අනාගතය විවර කිරීමේ වැදගත් කාලපරිච්ඡේදයක පවතී. එම සම්බන්ධතාවය තමා බෙහෙවින් අගයන  බව ද ඔහු පැවසීය. දෙරටේ ජනතාවට වඩාත් වැඩි සුබසෙත නිර්මාණය කිරීම සඳහා, Claudia Sheinbaum Pardo මහත්මිය සමග උපායමාර්ගික අදහස් හුවමාරු පුළුල් කරමින් දෙරට සම්බන්ධතාය නව තලයන්ට නංවාලීමට උත්සාහ කිරීමට බලාපොරොත්තු වන  බව ද ෂී ජින්පිං මහතා කීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම