විවෘත සහයෝගිතාව නිවැරදි මාර්ගය බව චීනය පවසයි
2024-06-04 17:03:01
Share with:

ආරක්ෂණවාදයට අනාගතයක් නොමැති අතර විවෘත සහයෝගිතාව නිවැරදි මාර්ගය බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Mao Ning මහත්මිය අද(04) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.යුරෝපා සංගමයේ විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිත Josep Borrell Fontelles මහතා පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ චීනය වෙන් කර ක්‍රියාකිරීම ඉතා අසීරු බවයි. චීනය සමඟ අන්‍යෝන්‍ය ජයග්‍රාහී සබඳතාව අඛණ්ඩව  පවත්වා ගැනීමට අපේක්ෂා කරන යුරෝපය, චීනයට එරෙහිව අතිරේක තීරුබදු පැනවීම පිළිබඳ ඇමරිකාවේ උපාය අනුගමනය නොකරනු ඇත. වෙළඳ යුද්ධය වැළැක්විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Mao Ning මහත්මිය චීනයේ ස්ථාවරය පැහැදිලි කළාය.  චීන-යුරෝපා ආර්ථික වෙළඳ සබඳතාවේ මූලික ස්වභාවය අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගැනීමය.චීනය හා යුරෝපා සංගමය අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාගේ දෙවන විශාලතම වෙළඳ හවුල්කාරී පාර්ශ්වයන්ය. චීනය හා යුරෝපය සැපයුම්දාමය, කර්මාන්ත දාමය, වටිනාකම් දාමයෙන් ගැඹුරින් සම්බන්ධ වී ඇති  බව ඇය සඳහන් කළාය.

උසස් මට්ටමේ විවෘතභාවය ඉදිරියට ගෙන යමින් චීනය ඒ ඒ රටවල ව්‍යවසායන් සඳහා විවෘත අවබෝධාත්මක, විනිවිද වාණිජ පරිසරයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටී.නිදහස් වෙළඳාම සහ ආරක්ෂණවාදයට විරෝධය දැක්වීම පිළිබඳ ප්‍රතිඥාව ස්ථිරව අනුගමනය කරමින් යුරෝපා සංගමය චීනය සමඟ එක්ව චීන-යුරෝපා ආර්ථික වෙළඳ සහයෝගිතාව තහවුරු කිරීමට ක්‍රියා කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවද Mao Ning මහත්මිය පැවසුවාය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම